hit counter

2025 ජූනි මස 03 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 14, පෙ.ව. 4:01



හිටපු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතා ගත් තීන්දු වැරදි බව හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා.

අපේ පක්ෂයට නම් වැරදුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මෛත්‍රිපාල සිරිසේනට පක්‍ෂයේ කොඩිය අතට දීපු එක. එතුමා හිතුවක්කාර විධියට මෛත්‍රිපාලට පක්ෂය භාරදුන්නට පස්සේ තමයි පක්ෂයට මේ දේ සිද්ධ වුණේ. අපේ පක්ෂය අපිට නැති කළා. ඒකට වගකියන්න ඕන මහින්ද රාජපක්ෂ මැතිතුමා.” යැයි මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.

“ඇත්තටම එතුමා ගත්තු තීන්දුව වැරදියි. ඔය කාරණා විතරක් නෙවෙයි. එතුමා ඔය විදිහට ඡන්දය තියපු එකත් වැරදියි. ඒ වගේම මේ සිද්ධ වුණු කඩාගෙන වැටීමට මෙන්ම ගෝඨාභය රාජපක්ෂට හැංගිලා රටින් පනින්න වුණු එකටත් මහින්ද රාජපක්ෂ එක්තරා දුරකට වගකියන්න ඕන. හැබැයි අපි අමතක කරන්න හොඳ නෑ මේ රටේ ආර්ථිකය ස්වර්ණමය යුගය ඇති කළේ එතුමා.” ඔහු සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: