hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 09, පෙ.ව. 11:27



ඉදිරියේදී සිදු කිරීමට නියමිත අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී, ඉතිරි වී ඇති අමාත්‍යධුර 10ය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර දැඩි තරගයක් නිර්මාණය වී ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව කැබිනට් මණ්ඩලය තිස් දෙනකුගෙන් සමන්විත වන අතර, ඉන් විසි දෙනෙක් දැනටමත් පත් කර තිබෙනවා.

ඉදිරියේ දී සිදු කෙරෙන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී, අලුතින් අමාත්‍යවරුන් 10 දෙනෙකු පත් කිරීමට අවස්ථාව ලැබෙන අතර, එම අමාත්‍යධුර දහය සඳහා දැඩි තරගයක් නිර්මාණය වී ඇතැයි වාර්තා වනවා.

අමාත්‍යධූර සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු ,සී බී රත්නායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්, විමලවීර දිසානායක ඇතුළු මන්ත්‍රීවරුන් 8 අට දෙනකුගේ පමණ නම් යෝජනා වී ඇතැයි වාර්තා වනවා.

මේ අතර , සමගි ජන බලවේගයේ ද රාජිත සේනාරත්න මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ආණ්ඩුවට එක්වී අමාත්‍යධූර ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍යධුරය ලබා දෙන්නේ නම් එය බාර ගැනීමට තමා සූදානම් බව රාජිත සේනාරත්න මහතා දැනටමත් ප්‍රකාශ කර ඇති අතර, සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන රඹුක්වැල්ල මහතා ඒ සම්බන්ධයෙන් එකඟතාවක් පළ කර නැතැයි වර්තාවනවා.

සමගි ජන බලවේගයේ ද ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: