hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 පෙබරවාරි 14, ප.ව. 6:53



අත්තනෝමතික ලෙස මැතිවරණය කල් දැමීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැඩි විරෝධය පළ කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ලේකම් තිසර ගුණසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.

එම නිවේදනය පහතින්,

මාධ්‍ය නිවේදනයයි

අත්තනෝමතික ලෙස මැතිවරණය කල් දැමීම පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැඩි විරෝධය පළ කරන අතර ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් ජනතාව සමග නිරතුරුවම සටන් කරන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණ ජයග්‍රහණය උදෙසා දිවයින පුරා සූදානම් කොට තිබූ ජනහමු මාලාව ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් මැතිවරණයක් ලබා ගැනීම සඳහා කරනු ලබන අරගල මාලාවක් බවට පත් කරන බවද ප්‍රකාශ කරමු.

ස්තුතියි
මෙයට

තිසර ගුණසිංහ
ප්‍රචාරක ලේකම් – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: