hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 03, පෙ.ව. 11:59



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු වලින් ඉවත්කරන ලද අමාත්‍ය මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක එලඹෙන ජනාධිපතිවරණයේදී සෘජුවම රනිල් වික්‍රමසිංහ මහතාට නව සන්ධානයක් හරහා සහාය දීමට සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වෙනවා.

ඒ සදහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේද ආශිර්වාදය ලැබෙන බවද දැන ගන්නට ඇත.

ඉතා ඉක්මනින්ම එම කටයුතු සිදුකරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකල අසාධාරණ ක්‍රියාවට උත්තර දීමට කටයුතු කරන බවත් කිසිදා පක්ෂය හැර නොයන බවත් ඔවුන් පෙන්වා දෙනවා.

දේශපාලන වශයෙන් ප්‍රතිපත්තියක් නොමැති තීරණ ගැනීම හේතුවෙන් අද පක්ෂය ජයග්‍රහණය කිරීමේ මාවතින් ඉවත් වී ඇති බවද මන්ත්‍රීවරුන් පිරිස පෙන්වා දෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: