hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 11:03



ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 71 වැනි සංවත්සරය අද (02) සවස 02.00ට මහරගම තරුණ සේවා ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනවා.

පක්‍ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙවර සංවත්සරයේ තේමාව වන්නේ “අපේ කමට පණ දෙමු අභියෝගය අතට ගමු – යුග මෙහෙවරට උරදෙමු” යන්නයි.

මේ වන විට සංවත්සරය සැමරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවත් ආසන මට්ටමින් ශ්‍රීලනිපය නියෝජනය කරමින් පාක්ෂිකයින් විශාල පිරිසක් සහභාගී වීමට නියමිත බවත් ශ්‍රීලනිප ප්‍රචාරක ලේකම් තිසර ගුණසිංහ මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී ඉදිරිපත් කළ පක්ෂ ව්‍යවස්ථාවේ සංශෝධිත යෝජනා ඒකමතිකව සම්මත වී තිබෙනවා.

එම යෝජනා අද දින පක්ෂයේ 71 වෙනි සංවත්සරයේදී සමස්ත ලංකා කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 71 වැනි සංවත්සරය අද සවස 02.00 සිට ඒෂියන් මිරර් ඔස්සේ බලාපොරොත්තුවන්න.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: