hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 02, ප.ව. 3:54



ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 71 වැනි සංවත්සරය මේ වන විට මහරගම තරුණ සේවා ශ්‍රවණාගාරයේදී පැවැත්වෙනවා.

පක්‍ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙවර සංවත්සරයේ තේමාව වන්නේ “අපේ කමට පණ දෙමු අභියෝගය අතට ගමු – යුග මෙහෙවරට උරදෙමු” යන්නයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී ඉදිරිපත් කළ පක්ෂ ව්‍යවස්ථාවේ සංශෝධිත යෝජනා ඒකමතිකව සම්මත වුණා.

ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් එම යෝජනා ඉදිරිපත් කරනු ලැබුවා.

එම පක්ෂ ව්‍යවස්ථාවේ සංශෝධිත යෝජනා පහතින්,

12 1:3 වගන්තිය පවතින ප්‍රතිපාදන අනුව නව වගන්තියක් ආදේශ කිරීම.

ජේෂ්ඨ උප සභාපතිවරුන් 7 දක්වා වැඩි කිරීම.

12 1:4 පවතින ව්‍යවස්ථා ප්‍රතිපාදනවලට උපසභාපතිවරු 14 දක්වා වැඩි කිරීම.

12:1 නව වගන්තියක් ඇතුළත් කිරීම.

පක්ෂයේ සභාපතිවරයාගේ අභිමතය පරිදි පක්ෂ ව්‍යවස්ථාවේ 12 1 iii සිට viii ව්‍යවස්ථාවන් හි දැක්වෙන තනතුරු සඳහා පත්වන නිලධාරීන් එකී තනතුරුවලින් ඉවත් කිරීමේ බලය සභාපතිවරයා හට පවතිනවා.

13:2 පවතින ව්‍යවස්ථා ප්‍රතිපාදනය වෙනුවට නව වගන්තියක් ආදේශ කිරීම.

විධායක සභාවේ සාමාජිකයන් අතුරින් පක්ෂයේ සභාපති විසින් පත්කරගනු ලබන 35දෙනෙකුට නොවැඩි සාමාජිකයන් සංඛ්‍යාවක් පත් කිරීම. 1

4 3 (අ) පක්ෂ ව්‍යවස්ථාවේ 12 1 සිට iii සිට viii දක්වා වූ ව්‍යවස්ථාවෙන් දැක්වෙන නිලධාරි මණ්ඩලයේ නිලධාරීන් අතුරින් යම් නිලධාරියෙකු මොනයම් හෝ හේතුවක් නිසා සිය ධූරයේ කාර්යයන් හා කර්තව්‍යයන් හා වගකීම නිසියාකාරයෙන් ඉටු නොකරන බවට මධ්‍යම කාරක සභාව තීරණය කරන්නේ නම් වහාම ක්‍රියාත්මක වන පරිදි විධායක සභාවේ වෙනත් නිලධාරියෙකු හට එම ධූරයේ කාර්යයන් කර්තව්‍යයන් සහ වගකීම් මධ්‍යම කාරක සභාව විසින් තීරණය කරන අයෙකුට පැවරීමට මධ්‍යම කාරක සභාවට බලය පවතින්නේය.

13 ii විධායක සභාවේ සාමාජිකයන් අතුරින් පක්ෂයේ සභාපතිවරයා විසින් පත් කරනු ලබන 35කට නොවැඩි සාමාජිකයින් සංඛ්‍යාවක් පත් කිරීමට බලය ලබා දීම.

14 v ව්‍යවස්ථා ප්‍රතිපාදනය වෙනුවට නව වගන්තියක් ආදේශ කිරීම.

එසේ යම් සාමාජිකයෙක් හෝ සංවිධානයක් තහනම් කිරීමකට සහ හෝ ඉවත් කිරීමකට ලක් කරනු ලැබුවහොත් පක්ෂයේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය විධිවිධාන සිදු කිරීමට මධ්‍යම කාරක සභාවට බලය ඇත.

15 1 (ඈ) පවතින ව්‍යවස්ථා ප්‍රතිපාදන වෙනුවට නව වගන්තියක් ආදේශ කිරීම.

පක්ෂයේ කීර්තිනාමයට සහ හෝ යහපැවැත්මට සහ හෝ උන්නතිය තකා අවශ්‍ය නම් පක්ෂ සාමාජිකයෙකුගේ සාමාජිකත්වය එකී සාමාජිකයා සම්බන්ධයෙන් මෙම ව්‍යවස්ථාව අනුව සිදුකරනු ලබන විනය ක්‍රියාමාර්ග අවසන් වනතුරු පිහිටුවීමටත් පක්ෂයේ සංවිධානයක් නම් එහි සාමාජිකත්වය අහෝසි කිරීමට පක්ෂයේ සභාපතිවරයාට බලය ඇත.

15 3 (ආ) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අන් කවර තැනක කුමක් සදහන් වුවද පක්ෂයේ යම් සාමාජිකයෙකු සහ හෝ නිලධාරියකු සහ හෝ විධායක සභාවේ සහ හෝ මධ්‍යම කාරක සභාවේ සහ හෝ පක්ෂය යම් අනුබද්ධිත සංවිධානයක නිලධාරියෙකු සහ හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පළාත් සභා මන්ත්‍රීවරයකු සහ හෝ පළාත් පාලන ආයතනයක සභිකයකු වන පක්ෂයේ සාමාජිකයෙකු 1 පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බව සහ හෝ 2 පක්ෂයේ ප්‍රතිපත්ති වලට පටහැනිව කටයුතු කරන බවට සහ හෝ 3 පක්ෂයේ උන්නතියට අගතිදායක වන ආකාරයට කටයුතු කරන බවට සහ හෝ 4 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොවන වෙනත් දේශපාලන පක්ෂයක සාමාජිකත්වය ලබාගෙන ඇති බවට සහ හෝ එසේ කිරීමට කටයුතු කරන බවට සහ හෝ 5 වෙනත් දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක හෝ නාමයෝජනා ලැබීමෙන් කුමන හෝ මැතිවරණයකට තරග කිරීමට ඉදිරිපත් වීමට කටයුතු කරන්නේ නම් සහ හෝ වෙනත් දේශපාලන පක්ෂයකට සෘජුව හෝ වක්‍රව හෝ සහයෝගය දෙන බවට සහ හෝ 6 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය තුළ හැර පක්ෂ නායකත්වය හා පක්ෂ ප්‍රතිපත්ති විවේචනය කිරීම සිදුකරන බවට සහ හෝ 7 පක්ෂ නායකත්වය ලබා දෙන නියෝග උපදෙස් පිලිනොපැදීම ඇතුලු බරපතළ විනය විරෝධී ක්‍රියාවක් සිදු කරන බවට සහ හෝ පක්ෂයේ සභාපතිවරයාට ඒත්තු ගිය විට සහ හෝ සෑහීමකට පත් වූ අවස්ථාවක වහාම ක්‍රියාත්මක වන සේ ඔහුගේ ඇයගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා නිශ්චිත කාලයක් තුළ නිදහසට කරුණු ලිඛිතව ඉදිරිපත් කිරීමට යටත්ව දින හතක් එකී පාර්ශ්වයෙන් නිදහසට කරුණු විමසා හෝ දින තිහක් එම කාලය දීර්ඝ කිරීමට බලය දේශපාලන මණ්ඩලය සතු වේ.

විධිමත් විනය පරීක්ෂණයක් පවත්වා එකී නිදහසට කරුණු සලකා හෝ විනය පරීක්ෂණ කමිටු නිර්දේශ මත එම සාමාජිකයාගේ සාමාජිකාවගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට හෝ පක්ෂයෙන් නෙරපීමට දේශපාලන මණ්ඩලයට බලය ඇත්තේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අන් කවර තැනක කුමක් සඳහන් වුවද ඉහත 15 iii ආ 1 ව්‍යවස්ථා ප්‍රකාරව ගන්නා ලබන විනය ක්‍රියාමාර්ගයක් සම්බන්ධව කටයුතු කිරීම සඳහා පක්ෂ ව්‍යවස්ථාවේ 15 iii ව්‍යවස්ථා ප්‍රකාරව පිහිටුවා ඇති විනය මණ්ඩලය සහ හෝ විනය කමිටුවක් වෙත බලය පැවරීමට සහ හෝ දැනුම් දීමට සභාපතිවරයාට සහ හෝ මධ්‍යම කාරක සභාවට සහ හෝ දේශපාලන මණ්ඩලයට බලය පවතින්නේය. 16 4 , 15 3 iii ආ ව්‍යවස්ථාව මත ඉවත් කිරීමට යෝජිතයි.

එහිදී සජීවී විකාශය පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: