hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 30, පෙ.ව. 8:05



මේ වනවිට විපක්ෂයේ ස්වාධීනව ක්‍රියා කරන මහාචාර්ය ජී.එල්. පීරිස් හා ඩලස් අලහප්පෙරුම මහත්වරුන් නායකත්වය දෙන මන්ත්‍රී කණ්ඩායම නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට මූලික වැඩ කටයුතු ආරම්භ කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව එම පක්ෂය ලබන මාසයේදී නව දේශපාලන පක්ෂයක් ලෙස කලඑළි බසිනු ඇති.

ඒ සඳහා ආරම්භක පියවර තබමින් එම කණ්ඩායමේ මන්ත්‍රීවරයකු වන ආචාර්ය නාලක ගොඩහේවා දැනටමත් නව දේශපාලන පක්ෂයක් ලියාපදිංචිය සඳහා මැතිවරණ කොමිසමට අයැදුම්පතක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වනවා. ඔහු මෙයට කලකට පෙර පිහිටුවන ලද ‘සියනෑ කථිකාව’ නම් සංවිධානය මෙලෙස දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචියට අවශ්‍ය මූලික සාකච්ඡා පසුගියදා මැතිවරණ කොමිසම සමඟ පවත්වා තිබෙන බව එම ආරාංචි මාර්ග පැවසුවා.

පක්ෂය ලියාපදිංචියෙන් පසු එහි නම වෙනස් කර ක්‍රියාත්මක කෙරෙනු ඇතැයි ද වාර්තා වනවා.

දැනට මන්ත්‍රීන් 13 දෙනකුගෙන් සමන්විත ජී.එල්. – ඩලස් කණ්ඩායමට තවත් ස්වාධීන මන්ත්‍රීන් හා පොහොට්ටු මන්ත්‍රීන් 9 දෙනකු පමණ නව පක්ෂය ලියාපදිංචියත් සමඟ එක්වනු ඇතැයි සඳහන්.

මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම හා නාලක ගොඩහේවා යන මන්ත්‍රීවරුන් එහි ප්‍රධාන තනතුරු සඳහා පත්වනු ඇතැයි ද වාර්තා වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: