hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 මාර්තු 01, ප.ව. 2:05



අද ආර්ථික ගැටලු බහුලව පවතින අතර ජනතාවගේ මුලික අවශ්‍යතාවයන් වෙනුවෙන් රජයට ලොකු වගකීමක් දැරීමට සිදුව ඇති බවත් එවන් පසුබිමක් තුළ එක් පැතිකඩකින් පාලක පක්ෂයක් වශයෙන් ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමේ වගකීම ඉටුකිරීමට දැඩි උත්සහයක යෙදෙන බවත් රාජ්‍ය අමාත්‍ය ඩි.බී.හේරත් මහතා පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදි රාජ්‍ය අමාත්‍ය ඩි.බී.හේරත් මහතා,

විපක්ෂය උත්සහ කරන්නේ පවතින තත්වය එක්ක මජනතාව භාවිතා කරලා ඔවුන්ගේ දේශපාලන අරමුණු කරා ලන්වෙන්න. ඒ කණ්ඩායම කියනවා හොරු , මහජන දේපල මංකොල්ලකාපු පිරිසක් ඉන්නවා, ඒ අයව පලවා හරින්න ඕන කියලා. තව කොටසක් කියනවා මේ රටේ ම්ලේච්ඡ දේශපාලනයක්  නිර්මාණය කරපු පිරිස  පාලන තන්ත්‍රයට හවුල් කරගන්න හොඳ නෑ කියලා. මගේ ප්‍රශ්නය පාර්ලිමේන්තුව නියෝජනය කරන මේ දේශපාලන පක්ෂවලට මේ චෝදනා දෙකෙන්ම කාටත් නිදහස් වෙන්න පුළුවන්කමක් නෑ. මේ අවස්ථාවේ  කියන්නේ පාලක පක්ෂය හැටියට අපි හැමදෙනාම එකතුවෙලා අතිත වැරදි වෙන දේවල් ඒවා නොවෙන විදිහට ගණුදෙනු බේරගන්න ඉඩකඩ දෙමු. රට ගොඩනග වැඩපිළිවෙලට පක්ෂ පාඨ භේයකින් තොරව එකතුවෙලා දායක වෙන්න අවශ්‍යයි.

පහුගිය මාසයේ සංචාරකයෝ විශාල ප්‍රමාණයක් පැමිණෙන්න පටන් අරගෙන තිබෙනවා. දැන් සංචාරය කරන්න පුළුවන් රටක් විදිහට පරිවර්තනය වෙලා. අද රට තුළ සුබවාදි ආකල්පයක් නිර්මාණය කරලා තිබෙනවා. නමුත් විපක්ෂය උත්සහ දරනවා මේ අවස්ථාවේදී කෘතිම විදිහට මහජන විරෝධතාවයක් නිර්මානය කරන්න. ඒ හැම එකකින්ම ඔවුන් ජනතාව පෙල ගස්වන්නේ අනාගතයේ ඔවුන්ගේ ස්වකීය ආණ්ඩුවක් හැදිමේ අරමුණ වෙනුවෙන් ජනතාව අරගලයට පොළඹවලා  ඔවුන්ගේ පටු දේශපාලනය වුවමනාවන් ඉටු කර ගැනීමයි. ඒ නිසා මේ අවස්ථාවේදී නැවතවතාවක් කියන්නේ හැම දෙනාම එකතුවෙලා රට ගොඩනගන්න වැඩපිළිවෙළකට ගිහිල්ලා මැතිවරණයක් තියන්න ඕන අවස්ථාවක මැතිවරණයක් තියලා එතනින් එහාට යන්න පුළුවන්.” යැයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: