hit counter

2024 අප්‍රේල් මස 14 වන ඉරිදා

2023 මාර්තු 23, පෙ.ව. 3:31



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී හමුව පෙරේදා (21) රාත්‍රී කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ දී පැවැත්වුණා.

එම අවස්ථාවට පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම්, ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඇතුළු පොහොට්ටුවේ ප්‍රබලයින් පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රචාරක කටයුතු හා මැයි දින සැමරුමට අදාළ සැලසුම් සකස්කර ඇති බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා සඳහන් කළේ.

පළාත් පාලන මැතිවරණය මුල් කරගනිමින් කාර්යාල ආරම්භ කිරීම, මැයි පෙළපාලිය පිළිබඳ පෙර සූදානම, ආසන දිස්ත්‍රික් මට්ටමින් සිදු කරන රැස්වීම් මාලාව පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

ජනාධිපතිවරයා IMF ණය ලබාගෙන සිදු කරගෙන යන වැඩපිළිවෙලට කෙසේ සහය දිය යුතුද යන්න ඉදිරි දිනවලදී සාකච්ඡා කිරීමට නියමිත බවයි එම සාකච්ඡාවෙන් පසු මාධ්‍යයට අදහස් පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ.

මැයි දිනය පවත්වන්නේ කෙසේද යන්න දිස්ත්‍රික් සහ වෘත්තීය සමිති නායකයින් සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බවත් ඒ පිළිබඳ තීරණයට මහින්දානන්ද සහ ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: