hit counter

2024 මැයි මස 11 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 15, පෙ.ව. 9:32



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ නායකත්වය සඳහා දෙදෙනකුගේ නම් යෝජනා වී ඇතැයි ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පක්ෂ නායකත්වය සඳහා එසේ නම් යෝජනා වී තිබෙනවා.

බැසිල් රාජපක්ෂ මහතා මීළඟ නායකයා ලෙස පත් කළ යුතුයැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් යෝජනා කරද්දී නාමල් රාජපක්ෂ මහතාගේ නම පක්ෂයේ තරුණ සාමාජිකයින් විසින් නියෝජනය කර ඇති බවද සඳහන්.

මේ හේතුවෙන් මීළඟ නායකයා සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ තුළ යම් බෙදීමක් ඇති වී ඇති අතර මේ පිළිබඳව අවසන් තීරණයකට පැමිණ නැති බව ද එම ආරංචි මාර්ග සඳහන් කළා.

ඉහතින් නම් සඳහන් කළ දෙදෙනාට අමතරව ප්‍රධාන කැබිනට් අමාත්‍යවරයෙකුගේ නමක්ද පක්ෂ නායකත්වයට යෝජනා වී තිබෙන බවද වාර්තා වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: