hit counter

2024 මැයි මස 01 වන බදාදා

2023 අප්‍රේල් 17, ප.ව. 2:09



සමගි ජන බලවේගයේ  කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතාට ඇමැති තනතුරක් දෙන්නේ නම් එම දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාටද ඇමැති තනතුරක් දෙන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

“රෝහිතට නොදී රාජිතට විතරක් ඇමැති තනතුරක්  දෙන්න එපා” යැයි ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරංචි මාර්ග පැවසුවා.

රෝහිත අබේගුණවර්ධන මහතා පක්ෂයේ දියුණුව වෙනුවෙන් විශාල කැපවීමක් කළ අයකු වන හෙයින් රාජිත සේනාරත්න මහතාට පමණක් ඇමැති තනතුරක් දුනහොත් එය රෝහිතට කරන බරපතළ අසාධාරණයක් බව පක්ෂය ජනාධිපතිවරයාට වැඩිදුරටත් දැනුම්දී තිබෙනවා.

රාජිත සේනාරත්න මහතා නව අමාත්‍ය ධුරයක් ළඟදීම බාරගැනීමට සූදානමින් සිටින බව පසුගිය සති කිහිපය පුරාම විවිධ මාධ්‍ය  වාර්තා පළවුණා.

මේ අතර ඇමැති ධූර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නම් ලයිස්තුවක්ද කලකට පෙර ජනාධිපතිවරයාට බාරදී තිබුණා. එම ලැයිස්තුවටද රෝහිත අබේගුණවර්ධන මහතා ඇතුළත් ව තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: