hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 08, පෙ.ව. 9:13



අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර කෙසේ හෝ ඇමති තනතුරු කිහිපයක් පොහොට්ටුවට ලබා ගැනීම සඳහා එහි දිස්ත්‍රික් නායකයන් පිරිසක් කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.

මේ ගැන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාටද ඔවුන් පවසා ඇති අතර ඔහු පවසා ඇත්තේ ජනාධිපතිවරයා සමඟ අයවැයට පෙර මේ ගැන දැනුම් දීම සඳහා කණ්ඩායම් රැස්වීමක් පැවැත්වීමට කටයුතු කරන බවයි.

ඒ අනුව මෙම හමුව සඳහා අනුරාධපුර,කළුතර,මහනුවර,නුවරඑළිය,අම්පාර,කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරන පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයින් පිරිසකට සුදානමින් සිටින ලෙසද දැනුම් දී තිබෙනවා.

ඒ අනුව අයවැයට පෙර කෙසේ හෝ ඇමති මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමටයි පොහොට්ටුවේ අපේක්ෂාව වී ඇත්තේ.

යම් ලෙසකින් එය ක්‍රියාත්මක නොවුන හොත් ඔවුන් අයවැයට ගොලුවිමට ඉඩ ඇති බවද වාර්තාවේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: