hit counter

2025 ජනවාරි මස 13 වන සඳුදා

2023 දෙසැම්‍බර් 07, පෙ.ව. 11:25



පොහොට්ටුවවේ ජනප්‍රියත්වය දිනෙන් දිනම අඩුවන බැවින් ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා දිනවීමට කටයුතු කලයුතු බව පොහොට්ටුවේ ඇතැම් මන්ත්‍රීවරුන් මේ වන විට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට බලකරමින් සිටින බව වාර්තාවේ.

එසේ නොමැතිව ජනාධිපතිවරණයට මුහුණ දිය නොහැකි බවද ඔවුන් පෙන්වා දී තිබෙනවා.

එහෙත් නාමල් රාජපක්ෂ මහතා සහ ඔහු වටා සිටින මන්ත්‍රීවරුන් කිහිප දෙනා ඊට දැඩි විරෝධය දක්වා ඇති බවද දැන ගන්නට ඇත.

යම් ලෙසකින් එම සහයෝගය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදුනහොත් නාමල් රාජපක්ෂ මහතාව කරලියට ගෙන ඒම සඳහා ඔවුන් මේ වන විට දියත් කරන වැඩසටහන සම්පුර්ණයෙන්ම අවුල් වන බව එම මන්ත්‍රී පිරිසගේ අදහස වී ඇති බවද වාර්තා වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: