hit counter

2024 ඔක්‍තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා

2024 අගෝස්‍තු 07, පෙ.ව. 12:02



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා අද (07) දිනයේ ප්‍රකාශ කරන බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා

එම පක්ෂයේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේ අද පෙරවරුවේ සුබ මොහොතින් සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කරන බවයි.

ඒ අනුව ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවතේ පිහිටි ප්‍රධාන පක්ෂ කාර්යාලයේ පැවැත්වෙන විශේෂ උත්සවයක දී ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව සඳහන් වෙනවා.

පසුගියදා එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය ඉදිරි ජනාධිපතිවරණය සදහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙනම අපේක්ෂකයෙකු ප්‍රකාශයට පත්කිරීමට තීරණය කළා.

එම තීරණයත් සමග පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකිරීමට පියවර ගනු ලැබුවා.

කෙසේ වෙතත්, එලෙස ජනාධිපතිවරයාට සහය පළකිරීමට ඉදිරිපත් වූ මන්ත්‍රීවරුන්ගේ ආසන සංවිධායක ධුර ද ඉවත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන මේ වන විට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව නව සංවිධායකවරුන් යටතේ දිස්ත්‍රික් මට්ටමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධාන කටයුතු සක්‍රීය කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වෙනවා.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: