hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 නොවැම්‍බර් 04, පෙ.ව. 8:23



ලබන වසරේ මුලදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ සූදානමක් පවතින බව වාර්තා වනවා.

ඒ අනුව දේශපාලන පක්ෂ තුළද විවිධ පිල් මාරු සිදු කිරීමට මේවන විට සාකච්ඡා ආරම්භ කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පැවසුවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇමතිවරුන් බහුතරයක් ඇතුළු තවත් මන්ත්‍රී පිරිසක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය දක්වමින් එක්සත් ජාතික පක්ෂයට සහය පළ කිරීමට මේවන විටත් සාකච්ඡා කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී ‌බහුතර මන්ත්‍රී පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මැතිවරණයට තරඟ කිරීමට දැඩි අකමැත්තක් දක්වන බව එම ආරංචි මාර්ග සඳහන් කළා.

මේ අතර එජාපයට සම්බන්ධ වීමට අකමැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් මන්ත්‍රී පිරිසක් ඉදිරි මැතිවරණයට තරඟ කිරීමේ අරමුණින් නිදහස ජනතා සභාවට එක් වීමට සාකච්ඡා කර තිබෙනවා.

නිදහස් ජනතා සභාවේ මන්ත්‍රීවරුන් හමුවී මේවන විට සාකච්ඡා කර ඇති අතර එහිදී ඔවුන් පෙන්වා දී ඇත්තේ “අපිට දැන් පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලන්න බෑ. අපි දැන් ඔවුන්ගෙන් වෙන් වෙලා ඉන්නේ. අපිට ඔන දේවල් අපේ අරමුණු ඔවුන්ගෙන් ඉෂ්ඨ කර ගන්න බැරිවුණා. ඒනිසා ජනතාවට වැඩ කරන්න ජනතාවගේ ගැටලු විසඳන්න නිදහස ජනතා සභාවෙන් ඡන්දෙ ඉල්ලන්න ක්‍රමයක් හදලා දෙන්න”

ඒ අනුව ශ්‍රී ලංකා‌ පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් අති බහුතරය නිදහස ජනතා සභවෙන් නාම යෝජනා භාර දී පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: