hit counter

2024 මැයි මස 12 වන ඉරිදා

2023 අප්‍රේල් 22, ප.ව. 12:17



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 2023 වර්ෂය සඳහා වන මහ සභා රැස්වීම අද පෙරවරු 10.00 ට පමණ එම පක්ෂ කාර්යාලයේදී පක්ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.

අද දිනයේ පැවැත්වෙන මහ සභා රැස්වීමට එම පෙරමුණේ සභාපතිවරයා ලෙස සහභාගීවීමට පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාට පක්ෂ ලේකම්වරයා විසින් ලිපියක් මඟින් දැනුම්දී තිබුණද ඔහු ඊට සහභාගීවීම ප්‍රතික්ෂේප කර තිබුණා.

ඒ අනුව අද මහ සභා රැස්වීම පැවැත් වුණේ පක්ෂ සභාපතිවරයා නොමැතිවයි.

අනතුරුව එම පක්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලය පත් කර ගැනීම සිදු කර තිබුණා.

ඒ අනුව පක්ෂ නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් කටයුතු කරනු ලබයි.

නමුත් පක්ෂ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා වෙනුවට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන් ඒකමතිකව පත්කර ගැනුණා.

පක්ෂයේ සෙසු තනතුරුවල වෙනසක් සිදුවී නොමැති බවද වාර්තා වනවා.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමියන් පත්කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: