hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 03, පෙ.ව. 6:15



ගෝල්ෆේස් අරගලයේ සක්‍රීයව දායක වූ අරගලකරුවන් පිරිසක් දේශපාලනයට පිවිසීමට තීරණය කර තිබෙනවා.

අරගලයේ මූලික අරමුණු වෙත එකඟ විය හැකි සියලුම පක්ෂ එක සන්ධානයක් කරා ගෙන එමින් ඒ සන්ධානය හරහා මැතිවරණයට ඉදිරිපත් වීමට ඔවුන් සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

විශේෂයෙන් එය එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා අත්හදා බැලීමක් ලෙස යොදාගැනීමටත් එය සාර්ථක වුවහොත් මහ මැතිවරණය දක්වා එම සන්ධානය ගොඩනැගීමටත් අරගලකරුවන් පිරිසක් තීරණය කර තිබෙනවා.

මෙම සන්ධානය සඳහා ජවිපෙ සහ පෙරටුගාමී යන පක්ෂ එකතු නොවීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.

එහෙත් අනෙකුත් පක්ෂ සහ පුද්ගලයන් එක තැනකට ගෙන එමින් අරගලයේ පොදු වැඩපිළිවෙළක් සකසමින් දේශපාලනයට පිවිසීමට දැනටමත් තීරණය කර තිබෙනවා. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: