hit counter

2026 අප්‍රේල් මස 05 වන ඉරිදා

2024 මාර්තු 10, ප.ව. 1:34



එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු සහභාගීවන පලමු දේශපාලන රැලිය අද පස්වරුවේ කුලියාපිටිය නගරසභා පිටියේදී පැවත්වීමට නියමිතයි.

මෙම රැලියෙදී ජනාධිපතිවරයාගේ ඉදිරි දේශපාලන කටයුතු සදහා සහාය පලකරමින් ප්‍රබල දේශපාලන චරිත කිහිපයක් එකතුවීමට නියමිත බව එම පක්ෂයේ දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

මෙම රැලිය වික්‍රමසිංහ මහතා නැවත වරක් ජනාධිපතිවරයා බවට පත්කිරීමේ පලමු වෙඩිමුරය පත්තුකරන රැලිය වීමටද විශේෂත්වයක් බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: