hit counter

2024 ජූනි මස 29 වන සෙනසුරාදා

2024 ජූනි 11, ප.ව. 1:29



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් සෘජුවම පෙනී සිටින පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සිය පාක්ශිකයින්ගෙන් කොන් කිරීමේ සියුම් වැඩපිලිවෙලක් ආරම්භ කිරීමට එම පක්ෂයේ පිරිසක් පියවර ගෙන ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියා සිටියා.

ඒ අනුව පොහොට්ටුවේ මේ දිනවල නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ආසන සම්මේලන වලට එම රනිල් හිතවාදී පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට ආරාධනා නොකරන බවද වාර්තා වෙනවා.

එහි පලමු සිදුවීම අනුරාධපුර කලාවැව ආසන සම්මේලනයෙන් පටන් ගත් අතර ඒ සදහා රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාට ආරාධනා කර නොතිබූ බවද ඉහත ආරංචි මාර්ග කියා සිටියා.

අනතුරුව මාතලේ රත්තොට ආසන සම්මේලනය පසුගියදා පැවති අතර ඒ සදහා මාතලේ පොහොට්ටුවේ ප්‍රබලයන්ව සිටි ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට සහ ඔහුගේ පුත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාටද ආරාධනා කර නොමැති බවයි වාර්තා වන්නේ.

මේ හේතුව නිසා පොහොට්ටුවේ ඇමතිකම් දරණ තවත් මන්ත්‍රී පිරිසක් ලගදීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සෘජුවම උදව් කිරීම සදහා තීරණය කර ඇති බවද දැන ගන්නට ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: