hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 21, පෙ.ව. 11:00



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය සන්ධානගතවීමට සූදානමක් පවතින බව වාර්තා වනවා.

ඒ ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සඳහායි.

මේ වනවිට පොහොට්ටුවට සහ එජාප ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සන්ධානගත වීම පිළිබඳ සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි ද වාර්තා වනවා.

කෙසේ වෙතත් ලබන මාර්තු මාසයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුයි. 

ඒ සඳහා අවශ්‍ය සංවිධාන කටයුතුවලට ලබන සැප්තැම්බර් 20දායින් පසුව මැතිවරණ කොමිසමට නීතිමය බලය හිමිවෙයි.

එනිසා ප්‍රධාන පක්ෂ ගණනාවක්ම මේවන විට ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා සැලසුම් සකස් කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

ස්වාධීන පක්ෂ එකමුතුව විසින් ගොඩනැගීමට නියමිත නව දේශපාලන සන්ධානයේ නම සහ ලකුණ මැතිවරණ කොමිෂන් සභාව සමග සාකච්ඡා කර තීරණය කිරීම එම දේශපාලන පක්ෂ නායකයින් තීරණය කර තිබෙනවා.

සන්ධානයේ සභාපතිවරයා ලෙස විමල් වීරවංශ මහතා පත් කිරීමට තීරණය කර තිබෙන අතර නායකත්ව මණ්ඩලයක් යටතේ සෙසු දේශපාලන පක්ෂ නායකයින් කටයුතු කරයි.

නව සන්ධානයේ ව්‍යවස්ථාව හා ප්‍රතිපත්ති පිළිබඳ දේශපාලන පක්ෂ සිය යෝජනා වෙන වෙනම ඉදිරිපත් කර තිබෙනවා.

මෙම සන්ධානය සැප්තැම්බර් 04 වැනිදා මහරගම තරුණ සේවා සභාවේදී ජනගත කිරීමට නියමිතයි.

වෙනත් දේශපාලන පක්ෂ ඊට එක්කර ගැනීමට මේවන විට සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: