hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2022 නොවැම්‍බර් 15, ප.ව. 2:45



ආණ්ඩුකාරවරුන් පත්කිරීම සම්බන්ධව ආණ්ඩුව අභ්‍යන්තරයේ මත ගැටුමක් ඇතිව තිබෙන බව වාර්තා වනවා.

දැනට සිටින ආණ්ඩුකාරවරුන් නව දෙනාම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද පිරිසක් බැවින් ඔවුන් ඉවත්කර පොහොට්ටුවෙන් නම් කරන පස්දෙනෙකුට හා එජාපයේ සිව්දෙනෙකුට ආණ්ඩුකාර ධුර ලබාදීමට ජනාධිපතිවරයා අදහස් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළා.

ජෝන් අමරතුංග, ආනන්ද කුලරත්න, දයා ගමගේ සහ ශමල් සෙනරත් යන පිරිසට ආණ්ඩුකාර ධුර ලබාදීම සම්බන්ධයෙන් එජාපයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

එහෙත් එජාපයේ 4 දෙනෙකුට ආණ්ඩුකාර ධුර ලබාදීම සම්බන්ධයෙන් පොහොට්ටුව එතරම් කැමැත්තකින් පසුනොවන බවයි දැනගන්නට තිබෙන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: