hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 09, ප.ව. 4:03



කොළඹ ඛෙත්තාරාම  ක්‍රීඩාංගනයේ ඉන්දීය ක්‍රීඩකයන්ගේ පුහුණු කටයුතු සඳහා පමණක්  වෙන්වූ වෙනම කලාපයක් ඇති බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසුවා.

එම කලාපයට ශ්‍රී ලාංකික ක්‍රීඩකයකුටවත් පිවිසීමට හැකියාවක් නැති බව කී වීරවංශ මහතා  මේ කාරණය බොහෝ දෙනෙක් නොදන්නා කරුණක් බවද සඳහන් කළා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පිළිබඳ පාර්ලිමේන්තු විවාදයේ අදහස් දක්වමින් විමල් වීරවංශ  මහතා මෙසේද සඳහන් කර සිටියා,

“ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජාතියක් එක් කර තිබෙනවා. එහි බිදවැටීමක් වන විට එය ජාතියට ම බලපානවා.සාකච්ඡා කරන්න මාතෘකා දස දහසක් තිබෙන රටක ඒ සියල්ලටම වඩා මේ මාතෘකාව  උඩට ඇවිල්ල තිබෙන්නේ ඒ නිසයි.බිලියන හයක ලාභයක් ලබා තිබෙන බව ක්‍රිකට් පාලක මණ්ඩලය කිව්වා. ක්‍රිකට් පාලක මණ්ඩලය පිහිටෙව්වේ ලාභ ලැබීම සඳහා නොවෙයි.පාසල් මට්ටමේ සිට  ක්‍රිකට් ප්‍රවර්ධනය කිරීම ඔවුන්ගේ වගකීමයි.එහෙම නැතුව බිලියන හයක් ලාබයි හතක් ලාබයි කිව්වම ශ්‍රී  ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කාර්යභාරය ඉටු කර ඇතැයි  කියැවෙන්නේ නැහැ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: