hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 සැප්‍තැම්‍බර් 20, ප.ව. 5:20



පාලකයන්ගේ විදේශ ගමන් සඳහා ඕනෑ තරම් ඩොලර් තිබෙන බවත් මහ රැජිනගේ අවමගුල වෙනුවෙන් ඉන්දියාව පිටත්කර  යැව්වේ නියෝජිතයකු බවත් කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසුවා.

වීරවංශ මහතා මෙසේ පැවසුවේ ජාතික සභාව යෝජනාව පිළිබඳ විවාදයේදීයි.

රටේ මීළඟට ඉදිරියට එන්නේ බඩගින්න විසින් මෙහෙයවනු ලබන පියවරුන් බවත්  එවැනි විනාශ හරහා රටේ අඳුරු තත්වයක්  ඇතිවීම වැළැක්වීමට හැකි සෑම පියවරක්ම ගත යුතු බවත් වීරවංශ මහතා කියා සිටියා.

මීට පෙර ඉදිරියට පැමිණියේ ඉන්ධන ප්‍රශ්නය විසින්  මෙහෙයවනු ලැබූ මිනිසුන් බවද ඔහු පැවසුවා.

ජනතාවගේ බඩගින්න පිළිබඳ ප්‍රශ්නය විසඳීමට විධිමත් විද්‍යාත්මක සැලැස්මක් තිබිය යුතු බවත්  බඩගින්න නිවන ආණ්ඩුවේ වැඩපිළිවෙළ ගැන  දැනගැනීමට ජනතාවට අයිතියක් ඇති බවත් වීරවංශ මහතා සඳහන් කළා.

එදා වේල ටුවර්ස් වැඩසටහන් වලින් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දිය නොහැකි බවද  ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: