hit counter

2026 අප්‍රේල් මස 14 වන අඟහරුවාදා

2022 ජූලි 23, පෙ.ව. 8:41



ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සත්කාරකත්වය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ලබාදීමට තීරණය කර තිබෙනවා.

ඉන්දිය මාධ්‍ය අද වාර්තා කළේ ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සෞරව් ගංගුලි ඒ පිළිබඳ තහවුරු කර ඇති බවයි.

රට තුළ පවතින ආර්ථික හා දේශපාලන අර්බුදය හේතුවෙන් එළඹෙන ආසියානු කුසලාන විස්සයි 20 තරගාවලිය පැවැත්වීම සඳහා හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය බදාදා ආසියානු ක්‍රිකට් කවුන්සිලයට දන්වා ඇති බව ද එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. 

පවතින අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලංකා ප්‍රිමියර් ලීග් තුන්වන අදියර ද ඉකුත්දා කල් දැමුණා.

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සත්කාරකත්වය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ලබාදීමට ආසන්නතම හේතුව වී ඇත්තේ එයයි.

ආසියානු කුසලානය අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා පැවැත්වීමට නියමිත අතර එය මෙවර පැවැත්වෙන්නේ විස්සයි 20 ක්‍රිකට් තරඟාවලියක් ලෙසයි.