hit counter

2024 ජූලි මස 02 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 22, ප.ව. 11:44



චීනයේ Hangzhou පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා T20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණේ තායිලන්ත කාන්තා කණ්ඩායම සමග පැවැති අර්ධ අවසන් පූර්ව තරගය කඩුලු 8කින් ජයගැනීමත් සමගයි.

වාර්ෂාව නිසා ඉනිමක් පන්දුවාර 15කට සීමා වූ අතර ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් තායිලන්ත කාන්තා කණ්ඩායමට පන්දුවාර 15 අවසානයේදී කඩුලු 7ක් දැවී ලබා ගැනීමට සමත් වුණේ ලකුණු 78ක් පමණයි.

ඉනෝෂි ප්‍රියදර්ශනී ලකුණු 10කට කඩුලු 4ක් ද , සුගන්දිකා කුමාරි ,චමරි අතපත්තු සහ කවීෂ ඩිල්හාරි කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 10යි පන්දු 5කදී කඩුලු 2ක් දැවී ලකුණු 84ක් ලබා තරගය ජය ගත්තා.

එහිදි නායිකා චමරි අතපත්තු ලකුණු 27ක් ද, අනුෂ්කා සංජීවනී ලකුණු 32ක් ද ලබා ගත්තා.

අවසන් පුර්ව තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම,පාකිස්ථාන කාන්තා කණ්ඩායම සමග ඉරිදා තරග වදිනවා.