hit counter

2025 මාර්තු මස 11 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 22, පෙ.ව. 11:57



මුලතිව් ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි අකිලා තිරුනායකී පිලිපීනයේ පැවති මාස්ටර් මළල ක්‍රීඩා තරඟාවලියේදී රන් පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගෙන තිබෙනවා.

මෙම තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ අකිලා තිරුනායකී මීටර් 1500 සහ 5000 ඉසව්වලින් රන් පදක්කම් දෙකක් සහ මීටර් 800 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගත්තාය.

මීටර 400 ධාවන ඉසව්වේ සිවුවැනි ස්ථානයද ඇයට හිමිව තිබේ. මුලතිව් මුල්ලියාවලෙයි ගම්මානයේ පදිංචි ඇය විශ්‍රාමික බන්ධනාගාර නිලධාරිනියකි.