hit counter

2026 ඔක්‍තෝබර් මස 03 වන සෙනසුරාදා

2022 ජූනි 18, ප.ව. 5:28



එක්දින ජාත්‍යන්තර තරගයකදී එක් කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව සඳහා වාර්තාව අලුත් කිරීමට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අද (17) සමත් වුණා.

ඒ එංගලන්ත – නෙදර්ලන්ත පළමු එක්දින තරගයේ දී සිය ඉනිම සඳහා පන්දු ඕවර 50දී කඩුලු 4ක් දැවී ලකුණු 498ක් රැස් කරමින්.

එහි මීට පෙර වාර්තාව සතු වූයේද එංගලන්ත කණ්ඩායමටයි.

එය ලකුණු 481ක්.

තරගයේ කාසිය වාසිය දිනූ නෙදර්ලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව එංගලන්ත කණ්ඩායමට ලබාදුන්නා.

ඒ අනුව ඔවුන් සිය පන්දු ඕවර 50දී කඩුලු 4ක් දැවී ලකුණු 498ක් ලබාගත්තා.

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන්, ෆිල් සෝල්ට් ලකුණු 122 (පන්දු 93), දාවිඩ් ම්ලාන් ලකුණු 125 (පන්දු 109) සහ ජොස් බට්ලර් නොදැවී ලකුණු 162 (පන්දු 70) ලෙස ශතක තුනක් රැස් කළා.

එම තරගයේදී එංගලන්ත පිතිකරුවන් 6 පහර 26ක් එල්ලකර ඇති අතර එයද ලෝක වාර්තාවක්.