2022 නොවැම්‍බර් 23, ප.ව. 3:49
ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට මේවන තෙක් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබී නොමැති බව වාර්තා වනවා.
ඇෆ්ගනිස්තානයට එරෙහිව තරග තුනකින් සමන්විත මෙම එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය පල්ළෙකැලේදී අනිද්දා (25) ආරම්භ කිරීමට නියමිතයි.
මෙම කණ්ඩායමට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් විරෝධයක් එල්ල වී ඇති බවත් අද පස්වරුවේ හෝ එම සංචිතයට අනුමැතිය ලැබෙනු ඇති බවට විශ්වාස කරන බවත් ආරංචි මාර්ග පවසනවා.
එම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා ඇතුළු ශ්‍රී ලංකා සංචිතය මීට දින කීපයකට පෙර පල්ළෙකැලේට ගොස් පුහුණුවීම් ආරම්භ කළා.
2026 අප්‍රේල් 05, ප.ව. 5:02
2026 අප්‍රේල් 04, ප.ව. 9:00
2026 අප්‍රේල් 02, ප.ව. 1:34
2026 අප්‍රේල් 01, පෙ.ව. 9:28
2026 මාර්තු 30, ප.ව. 4:54