hit counter

2026 ඔක්‍තෝබර් මස 05 වන සඳුදා

2023 මැයි 18, පෙ.ව. 11:37



ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නුවරදී කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන සිද්ධියට අදාළව ඔහුට එල්ල වූ ලිංගික අතවර චෝදනා හතරෙන් තුනක්ම ඉල්ලා අස්කරගෙන ඇති බව වාර්තා වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රජයේ නීතිපතිවරයා විසින් අද සිඩ්නි අධිකරණයේ දී මෙම චෝදනා ඉල්ලා අස්කරගත් බවයි. 

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක පසුගිය වසරේ නොවැම්බර් 5 වැනිදා රාත්‍රියේදී ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවරදී අත් අඩංගුවට ගෙන තිබුණා.

කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබූ අතර ලිංගික අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙනුයි ඔහුට මෙලෙස චෝදනා එල්ල වූයේ.

ඒ අනුව අවසරයකින් තොරව ලිංගිකව එක්වීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා හතරක් එල්ල වී තිබුණා.