2023 ජූලි 25, ප.ව. 2:02
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක මානසික අවපීඩනය රෝගී තත්ත්වයෙන් (දරුණු සායනික මානසික අවපීඩනයෙන්) පෙළෙන බව ඔහුගේ නීතිඥවරයා ඊයේ (24) සිඩ්නි ඩව්නින් සෙන්ටර් අධිකරණයට දැනුම්දී තිබෙනවා.
දැනට පවතින නීතිමය ක්‍රියාමාර්ග සහ මාධ්‍ය මගින් මෙම සිද්ධියට ලබාදී ඇති ප්‍රසිද්ධිය මීට හේතුව බව ඔහුගේ නීතිඥවරයා පවසා ඇත.
මෙම හේතුව පදනම් කරගනිමින් නඩු විභාගය කඩිනම් කිරීමට තීරණය කර ඇති අතර, ඒ අනුව ධනුෂ්කට එරෙහි නඩු විභාගය ලබන සැප්තැම්බර් මස 18 වැනිදා ආරම්භ කිරීමට නියම කළා.
ධනුෂ්ක ගුණතිලක සිඩ්නි ඩව්නින් සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ පෙනී සිටිමින් ඉල්ලා සිටියේ මෙම නඩු විභාගයට ජූරි සභාවක් පත් නොකරන ලෙසත් විනිසුරුවරයෙකුගේ තනි නඩු විභාගයක් පවත්වන ලෙසයි.
ඒ අනුව ඒ සඳහා වන අයදුම්පත මේ වන විට අධිකරණය පිළිගෙන තිබෙනවා.
2026 අප්‍රේල් 05, ප.ව. 5:02
2026 අප්‍රේල් 04, ප.ව. 9:00
2026 අප්‍රේල් 02, ප.ව. 1:34
2026 අප්‍රේල් 01, පෙ.ව. 9:28
2026 මාර්තු 30, ප.ව. 4:54