hit counter

2026 පෙබරවාරි මස 22 වන ඉරිදා

2023 ජූලි 17, පෙ.ව. 10:37



සංචාරක පාකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (17) ආරම්භ වූ අතර මේ වන විට පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටින ශ්‍රී ලංකා පිළ කඩුලු 7ක් දැවී ලකුණු 257 ක් ලබා සිටිනවා.

තරඟයේ පළමු දිනය නිමාවන විට සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 242 ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු 4 ලකුණු 54ක් තුළ දවා ගැනීමට පාකිස්තාන පන්දු යවන්නන් සමත් වුවත් ඇන්ජලෝ මැතිව්ස් සහ ධනංජය ද සිල්වා පස්වන කඩුල්ලට ලකුණු 131ක් සබඳතාවක් ගොඩනැඟීමට සමත් වුණා.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණූ 64ක් රැස්කළ අතර ධනංජය ද සිල්වා මේ වන විටත් ලකුණු 101ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටියා.