2023 අගෝස්‍තු 21, පෙ.ව. 8:47
2023 ලංකා ප්‍රිමියර් ලීග් T20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගන්නට බී ලව් කැන්ඩි කණ්ඩායම සමත් වුණා.
ඒ අවසන් මහා තරගයේදී දඹුල්ල අවුරා කණ්ඩායම කඩුලු 5 කින් පරාජය කරමින්.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල අවුරා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 4ක් දැවී ලකුණු 147ක් ලබා ගත්තා.
ධනංජය ද සිල්වා ලකුණු 40ක් ලබා ගත් අතර චතුරංග ද සිල්වා ලකුණු 25කට කඩුලු දෙකක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බී ලව් කැන්ඩි කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5කදී කඩුලු 5ක් දැවී ලකුණු 151ක් ලබා තරගය ජය ගත්තා.
කමිදු මෙන්ඩිස් ලකුණු 44ක් සහ ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 25ක් ලබා ගත්තා.
තරගයේ වීරයා ලෙසින් ඇන්ජලෝ මැතිව්ස් සම්මාන දිනාගත් අතර තරගාවලියේ වීරයා වනිඳු හසරංග.
2026 සැප්‍තැම්‍බර් 28, ප.ව. 8:18
2026 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 7:49
2026 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 7:44
2026 සැප්‍තැම්‍බර් 27, ප.ව. 12:59
2026 සැප්‍තැම්‍බර් 25, ප.ව. 7:11