hit counter

2026 ජනවාරි මස 15 වන බ්‍රහස්පතින්දා

2025 මැයි 05, පෙ.ව. 12:15



කිලෝ ග්‍රෑම් 85 ට අඩු  බර පන්තිය නියෝජනය කරන ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් වන නවසීලන්ත රග්බි හා ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අතර පළමු රග්බි තරගය මහනුවර නිත්තවෙල පිටියේදී පැවැත්වුණා.

තරගය ලකුණු 50-10ක් ලෙස නවසීලන්ත කිලෝග්‍රෑම් 85ට අඩු බර පන්තියේ රග්බි කණ්ඩායම ජය ගත්තේය.

නවසීලන්ත රග්බි කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ තරග සංචාරයට සහභාගි වන්නේ 1907 වසරෙන් පසුවය.

නවසීලන්ත කිලෝ ග්‍රෑම් 85ට අඩු බර පන්තියේ කණ්ඩායම විදෙස් තරග සංචාරයට එක්වන පළමු අවස්ථාව ද මෙය විය.

දෙවැනි තරගය මැයි 10 (සෙනසුරාදා) දින ප.ව. 06.30 ට කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වෙයි.