hit counter

2026 මාර්තු මස 15 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 09, ප.ව. 11:12



මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනයෙන් තොරව පවත්වාගෙන යාම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.

2030 දී මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තිබිය යුත්තේ කොතැනද කියා දැක්මක් තමා සතු බව පැවසු ජනාධිපතිවරයා පාසල් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් බිලියන 1.5 ක් වෙන් කළේ එම නිසා බවත් එය ඉදිරියේදි වසරකට බිලියන 02 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවත් පැවසීය.

ජනාධිපතිවරයා මේබව පවසා සිටියේ කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජය වසර 150ක් සපිරීම නිමිත්තෙන් පැවැති විශේෂ උත්සවයකට එක්වෙමින්.