hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2025 මාර්තු 15, ප.ව. 10:42



කොළඹ රාජකීය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාල අතර පැවැති 48 වැනි වාර්ෂික එක්දින තරගයෙන් කඩුලු 4 ජයක් වාර්තා කිරීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත්විය.

කොළඹ SSC පිටියේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය පන්දුවාර 49යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කළ ලකුණු 220ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ රාජකීය විද්‍යාලය පන්දුවාර 46යි පන්දු 4ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 223ක් වාර්තා කරමින් තරගය ජය ගත්තේය. 

කොළඹ රාජකීය විද්‍යාලය වෙනුවෙන් හිරුන් ලියනාරච්චි ලකුණු 105ක් රැස්කිරීමට සමත් වුණා.

නමුත් මෙවර 146 වන නිල් මහා සටන තරගය ජය ගත්තේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයයි.