2024 අප්‍රේල් 03, ප.ව. 10:39
බංග්ලාදේශය සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 192ක ජයක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය.
ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය ද තරග 2-0ක් ලෙස ජය ගත්තේය.
ඒ අනුව ටෙස්ට් ලෝක කුසලානයේ ප්‍රසාද ලකුණු සටහනේ මුල් කණ්ඩායම් හතර අතට පිවිසීමට ද ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
මෙම තරගයේ ජයග්‍රහණය සදහා ලකුණු 511ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 318ක් පමණයි.
ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 531යි .බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 178යි.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිම -157/7යි.
තරගයේ හා තරගාවලියේ වීරයා බවට කමිඳු මෙන්ඩිස් පත් විය.
2025 අප්‍රේල් 21, ප.ව. 2:32
2025 අප්‍රේල් 20, ප.ව. 7:13
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:13
2025 අප්‍රේල් 17, ප.ව. 11:32
2025 අප්‍රේල් 16, ප.ව. 11:41