hit counter

2026 අප්‍රේල් මස 08 වන බදාදා

2024 ජූලි 29, පෙ.ව. 11:34



ඉන්දියාව සමග පැවැති T20 ක්‍රිකට් තරගාවලිය තරග 2-0ක් ලෙස පරාජය වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිදුවිය.

ඒ දෙවැනි T20 තරගය ද ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 7කින් පරාජයවීම නිසාය.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී ලකුණු 161ක් ලබා ගත්තේය.

කුසල් ජනිත් පෙරේරා ලකුණු 53යි.

ඉන්දීය පිළිතුරු ඉනිමේදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර යළි තරගය ආරම්භ වුණේ පන්දුවාර 8කදී ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 78ක ඉලක්කයක් ලබා දෙමින්‍ ය.

ඉන්දීය කණ්ඩායම පන්දුවාර 6.3කදී කඩුලු 3ක් දැවී ලකුණු 81ක් ලබා තරගය ජය ගත්තේය.