hit counter

2026 අප්‍රේල් මස 05 වන ඉරිදා

2024 ජූනි 25, පෙ.ව. 7:52



සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහි පළමු T20 ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 4කින් ජය ගන්නට සමත් විය.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 134ක් ලබා ගත්තේය.

චමරි අතපත්තු කඩුලු 4ක් ද , ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු 3ක් ද දවා ගත්තාය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 18.4කදී කඩුලු 6ක් දැවී ලකුණු 137ක් ලබා තරගය ජය ගත්තා.

විශ්මි ගුණරත්න සහ හර්ෂිතා සමරවික්‍රම ලකුණු 35 බැගින් රැස්කළා.