hit counter

2026 සැප්‍තැම්‍බර් මස 29 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 23, ප.ව. 11:58



ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර තරග 5කින් සමන්විත T20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය කඩුලු 2කින් ජය ගන්නට ඉන්දියාව සමත් වුණා.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 20 අවසානයේදී කඩුලු 3ක් දැවී ලකුණු 208යි.

ජෝෂ් ඉන්ලිෂ් පන්දු 50කින් ලකුණු 110ක් ද,ස්ටීව් ස්මිත් ලකුණු 52යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 209ක් ලබා තරගය ජය ගත්තා.

ඉෂාන් කිශාන් ලකුණු 58ක් ද, නායක සූර්යකුමාර් යාදෙව් ලකුණු 80යි.

අවසන් පන්දුවේදී හයේ පහරක් එල්ල කරමින් ඉන්දියාව ජයග්‍රහණය කරා රැගෙන ගිය රිංකු සිං නොදැවී ලකුණු 22ක් ලබා ගත්තා.

මෙම ජය සමග ඉන්දියාව තරග 5කින් සමන්විත T20 තරගාවලිය තරග 1-0ක් ලෙස පෙරමුණ ගත්තා.