hit counter

2026 සැප්‍තැම්‍බර් මස 29 වන අඟහරුවාදා

2024 ඔක්‍තෝබර් 12, ප.ව. 7:21



T20 කාන්තා ලෝක කුසලානයේ නවසීලන්තය සමග පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 8ක පරාජයක් ලැබුවා.

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ,පාකිස්ථානය ,ඉන්දියාව,ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය හමුවේ මුහුණ දුන් තරග 4 පරාජය විය.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 115ක් ලබා ගත්තේය.

චමරී අතපත්තු ලකුණු 38යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 17.3කදී කඩුලු 2ක් දැවී ලකුණු 118ක් ලබා තරගය ජය ගත්තේය.

ජෝර්ජියා ප්ලිමර් ලකුණු 53යි.

පිට පිට ලද තරග 4 පසු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලෝක කුසලානයේ මුලික වටයෙන්ම ඉවත් විය.