hit counter

2026 ඔක්‍තෝබර් මස 06 වන අඟහරුවාදා

2025 මාර්තු 24, ප.ව. 10:50



දේශීය තරගයක් අතරතුර හෘදයාබාධ ලක් වූ බංග්ලාදේශ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ නායක තමිම් ඉක්බාල් ශල්‍යකර්මයකට ලක් කර තිබේ.

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන තමීම්ගේ සුවදුක් විමසීම සඳහා බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයින් හා බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ද රෝහල වෙත පැමිණ සිටියා.

තමිම් ඉක්බාල්ගේ තත්ත්වය තවදුරටත් නිරීක්ෂණය කරමින් සිටින බව වෛද්‍යවරුන් පවසනවා.

බංග්ලාදේශයෙන් බිහි වූ විශිෂ්ට ආරම්භක පිතිකරුවෙකු ලෙස හැඳින්වෙන තමිම් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඇතුළු බොහෝ දෙනෙකු ඉක්මන් සුවය පතා තිබුණා.