2025 ජනවාරි 22, පෙ.ව. 11:25
ICC වයස 19න් පහළ කාන්තා T20 ලෝක කුසලානයේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 81කින් ජය ගැනීමට ශ්‍රී ලංකා 19 පහළ කාන්තා කණ්ඩායම සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවි ලකුණු 166ක් රැස්කළාය.
නායිකා මනුදි නානායක්කාර පන්දු 31දි ලකුණු 41ක් ලබා ගැනීමට සමත්වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දිය කොදෙව් කාන්තා කණ්ඩායම පන්දුවාර 19 පන්දු 4ක් තුළ සියලුදෙනා දැවි රැස්කර ගැනීමට හැකිවුයේ ලකුණු 85ක් පමණි.
චමෝදි ප්‍රබෝධා කඩුලු 03 ක් දවාගත්තා.
ලිමන්සා තිලකරත්න සහ අසෙනි තලගුනේ කඩුල් 02 බැගින් දවාගත්තේය.
2026 ජනවාරි 05, පෙ.ව. 12:19
2026 ජනවාරි 03, ප.ව. 8:21
2026 ජනවාරි 01, ප.ව. 9:04
2025 දෙසැම්බර් 31, ප.ව. 3:51
2025 දෙසැම්බර් 30, ප.ව. 10:55