2025 පෙබරවාරි 03, ප.ව. 12:58
වයස 19න් පහළ කාන්තා T20 ලෝක කුසලානය දිනා ගන්නට ඉන්දීය වයස 19න් පහළ කාන්තා කණ්ඩායම සමත් විය.
ඒ අවසන් තරගයේදී දකුණු අප්‍රිකා වයස 19න් පහළ කාන්තා කණ්ඩායම කඩුලු 9කින් පරාජය කරමින් ය.
අවසන් තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා 19න් පහළ කාන්තා කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 10ක දැවී ලකුණු 82ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය වයස 19න් පහළ ක්‍රීඩිකාවන් පන්දුවාර 11.2කදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 84ක් ලබා තරගය ජය ගත්තා.
ඉන්දියාව වයස 19න් පහළ කාන්තා ලෝක කුසලානයේ පිට පිට දිනූ 2 වන අවස්ථාව ද මෙය විය.
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 3:23
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 2:20
2025 ඔක්‍තෝබර් 12, ප.ව. 6:01
2025 ඔක්‍තෝබර් 09, ප.ව. 11:35
2025 ඔක්‍තෝබර් 08, ප.ව. 11:14