hit counter

2026 සැප්‍තැම්‍බර් මස 25 වන සිකුරාදා

2024 මාර්තු 17, ප.ව. 2:24



පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේදි   තරග පාවා දීමට ක්‍රීඩකයින්ට බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ජාතික ක්‍රිකට් කළමනාකාරවරුන් දෙදෙනෙකුට රටින් පිටවීම වළකාලමින් තහනම් නියෝගයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා නිකුත් කළේය.

ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය ඉදිරිපත් කළ පැමිණිලි දෙකක් සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේය.

මෙම තරගාවලියට එක්වන ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග සහ නවසීලන්ත ක්‍රිඩක නීල් බෲම් කරන ලද පැමිණිලි අනුව විමර්ශනය ඒකකය ගොනු කළ
සලකා බැලීමෙන් පසුව මෙන්ම තහනම නිකුත් කෙරිණි.