hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2023 ජූලි 07, ප.ව. 1:07



ජුනි මාසයට අදාළ ICC මාසයේ ක්‍රීඩකයා සම්මානයේ පිරිමි කාණ්ඩය සඳහා නිර්දේශිත ක්‍රීඩකයින්ගේ නම් ලැයිස්තුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කර තිබෙනවා.

පසුගිය මස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉහළ දස්කම් දැක්වූ ක්‍රීඩකයින් අතරින් මෙම සම්මානය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග, ඕස්ට්‍රේලියා ක්‍රීඩක Travis Head සහ සිම්බාබ්වේ ක්‍රීඩක Sean Williams යෝජනා කර තිබෙනවා.

සිම්බාබ්වේ හි පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ඉහළ දස්කම් දක්වමින් සිටින වනිඳු හසරංග නොකඩවා තරග තුනක දී කඩුලු 5 බැගින් දවා ගෙන Waqar Younisගේ වාර්තාවක් සම කරන්නට සමත් වුනා.

එම තරගාවලිය තුළ විශාල සාර්ථකත්වයක් ලබා ගත් ඔහු කඩුලු 20ක් දවා ගැනීමට සමත්ව තිබෙන අතර ඔහු එම සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වීම ද විශේෂත්වයක්.

මෙම දස්කම් නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට 2023 එක්දින ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමට හැකි වූ අතර එක්දින ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා වන්නේ ද ඔහුයි.