hit counter

2026 ජූනි මස 20 වන සෙනසුරාදා

2026 ජූනි 18, පෙ.ව. 8:58



ලෝක මලල ක්‍රීඩා සංගමය ප්‍රකාශයට පත් කළ නවතම හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 02 වැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග සමත්ව තිබේ. 

මීට පෙර ඔහු පසුවූයේ මෙම ලැයිස්තුවේ 03 වැනි ස්ථානයේය.

ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික් මලල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසිකිරිමේ ඉසව්ව ජය ගනිමින් දිනා ගනිමින් රුමේෂ් ලොව අංක 2 ස්ථානය හිමිකර ගත්තේය. 

ඔහුගේ ශ්‍රේණිගත කිරීම් ලකුණු ප්‍රමාණය 1,333ක් දක්වා ඉහළ ගියා.

ලෝක හෙල්ල විසිකිරිමේ ශ්‍රේණිගතකිරීම්වල ප්‍රථම ස්ථානයේ ලකුණු 1,360ක් ලබා සිටින ජර්මානු ක්‍රීඩක ජූලියන් වෙබර් පසුවෙයි.