hit counter

2026 ජූනි මස 13 වන සෙනසුරාදා

2026 ජූනි 13, ප.ව. 10:14



T 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් සත්කාරක එංගලන්ත කණ්ඩායම හමුවේ ලකුණු 87ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට සිදුවිය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 20 තුළදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 219ක් රැස්කළේය.

එංගලන්තය ලබාදුන් ලකුණු 220ක ඉලක්කයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට පන්දුවාර 20 තුළදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 132ක් පමණි.

ඩැනී වයට්-හොජ් පන්දු 62කට පමණක් මුහුණදෙමින් ලකුණු 105ක් රැස්කළා.

නිලක්ෂි ද සිල්වා ලකුණු 39ක් සහ හර්ෂිතා සමරවික්‍රම ලකුණු 29ක් රැස්කිරීමට සමත් වුණා.