hit counter

2024 මාර්තු මස 29 වන සිකුරාදා

2022 ජූලි 11, පෙ.ව. 11:33



ඔත්තු බැලීමේ මෘදුකාංග සහිත සයිබර් ප්‍රහාරවලින් අවදානමට ලක් විය හැකි අධි අවධානම් පරිශීලකයින් ආරක්ෂා කිරීම සඳහා ඇපල් සමාගම නව ආරක්ෂක විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව, සරත් සෘතුවේ දී ඊළඟ මෙහෙයුම් පද්ධති යාවත්කාලීනයෙන් පසු සියලුම iPhone, iPads සහ Macs වෙත Lockdown Mode එක සැපයෙනු ඇති.

මෙම සැකසුම් හරහා ඇතැම් විශේෂාංග අවහිර කෙරෙන අතර නොදන්නා අයගෙන් ලැබෙන ඇමතුම් නවතිනු ඇති.

මෙම විශේෂාංගය හඳුන්වා දී තිබෙන්නේ මෑත කාලීනව සමාජ ක්‍රියාකාරීන්, දේශපාලනඥයන් සහ මාධ්‍යවේදීන් සතු ඇපල් උපාංගවලට ඔත්තු බැලීමේ මෘදුකාංග ආසාදනය වීමත් සමඟ යි.

ඇපල් සමාගම දැනට ඊශ්‍රායලයේ ස්පයිවෙයා මෘදුකාංග සමාගමක් වන NSO සමූහයට එරෙහිව නඩු පවරමින් සිටියි. ඒ, NSO හි පෙගාසස් නමැති ඔත්තු බැලීමේ මෘදුකාංගය විවිධ රටවල් 150ක් වෙත ආසාදනය කර ඇති බවට චෝදනා කරමින්.

එම මෘදුකාංගයට iPhone සහ Android උපාංග දෙකටම ආසාදනය විය හැකි අතර, ඉන්පසු ඔවුන්ට පණිවිඩ, ඡායාරූප සහ ඊමේල් ලබා ගැනීමට, ඇමතුම් පටිගත කිරීමට සහ මයික්‍රොෆෝන සහ කැමරා රහසිගතව සක්‍රිය කිරීමට ඉඩ සැලසේ.

පසුගිය ජූලි මාසයේදී ඔවුන් කරන ලද ඔත්තු බැලීමේ පරිමාණය හෙළි වූ විට, පුද්ගලිකත්ව සහ ආරක්ෂක විශේෂඥයින් විසින් පරිශීලකයින් ආරක්ෂා නොකිරීම සම්බන්ධයෙන් ඇපල් සමාගමට විවේචන එල්ල කරන තිබෙනවා.

පෙගාසස් විසින් වාසියට ගත්, වසර ගණනාවක් තිස්සේ ඇපල් උපාංග සතුව තිබූ දුර්වලතාවයන් ඉවත් කිරීම සඳහා ඇපල් සමාගම ඉතා ඉක්මනින් සියලු උපාංග වෙත හදිසි මෘදුකාංග යාවත්කාලීනයක් නිකුත් කළා.

දැන් ඔවුන් Lockdown Mode එක හරහා ආරක්ෂාව පුළුල් කරමින් සිටින අතර එයට දැනට පවතින සියලුම ඔත්තු මෘදුකාංග වලින් ආරක්ෂාව සැලසිය හැකි බව ප්‍රකාශ කරනවා.

Lockdown Mode සතුව පහත ආරක්ෂාවන් තිබෙනවා.

  • මැසේජ් – ඡායාරූප හැර අන් සියලුම මැසේජ් ඇ‍මුණුම් නවතාලයි. වෙබ් සබැඳීන් preview වීම ද නවතියි.
  • වෙබ් ගවේෂණය – පරිශීලකයා අවසර දෙනතාක් ක්ෂණිකව ක්‍රියා කරන ජාවා ස්ක්‍රිප්ට් ඇතුළු සංකීර්ණ වෙබ් තාක්ෂණයන් නවතාලයි.
  • ඇමතුම් – පෙර සම්බන්ධ කර නොගත් අයගෙන් ලැබෙන ෆේස්ටයිම් ඇතුළු සියලු ඇමතුම් නවතාලයි.
  • iPhone එක ලොක් කර ඇති විට පරිගණක හෝ වෙනත් යමකින් වයර් හරහා දත්ත ලබා ගැනීම නවතාලයි.

මෙය නිකුත් කෙරුණු පසු සියළුම පරිශීලකයන්ට එය device settings යටතේ දැකගත හැකි වනු ඇති අතර, ඇපල් සමාගම පවසන ආකාරයට ඔබ එය සක්‍රීය කරගත යුත්තේ ඔබ “ඔත්තු බැලීමේ ප්‍රහාරයකට ලක් වීමේ අවදානමක්” ඇත්නම් පමණයි.

උදාහරණයක් ලෙස ගතහොත් මර්දනකාරී පාලන තන්ත්‍රයක් යටතේ සිටින මාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකාරීන්, මානව හිමිකම් ක්‍රියාධරයන්, විපක්ෂ දේශපාලන නායකයින්ට ආදීන්ට මෙමඟින් ප්‍රතිලාභ ලැබෙනු ඇති.

ආරක්ෂක දෝෂ සොයා ගන්නා සදාචාරාත්මක හැකර්වරුන්ට Lockdown Mode එකෙහි දෝෂ සොයා ගතහොත් සාමාන්‍යයෙන් ගෙවන ප්‍රසාද දීමනාව ඩොලර් මිලියන 2 (රු. මිලියන 719) දක්වා දෙගුණ කරන බව ඇපල් සමාගම නිවේදනය කළා.

ඔත්තු බැලීමේ මෘදුකාංග අනිසි ලෙස භාවිතා කිරීම හෙළිදරව් කරන සංවිධානවලට උපකාර කරන අරමුදලකට ද ඔවුන් ඩොලර් මිලියන 10ක් පරිත්‍යාග කරනු ඇති.

“ලෝකයේ ඔත්තු බැලීමේ මෘදුකාංග වෙළඳාම මානව හිමිකම් ආරක්ෂකයින්, මාධ්‍යවේදීන් සහ විරුද්ධවාදීන් ඉලක්ක කරගන්නවා. එය ප්‍රචණ්ඩත්වයට පහසුකම් සපයනවා. ඒකාධිපතිවාදය ශක්තිමත් කරනවා. දේශපාලන මර්දනයට සහාය වෙනවා,” මෙම ප්‍රදානය අධීක්ෂණය කරන ෆෝඩ් පදනමේ සමාජ හා තාක්ෂණ අධ්‍යක්ෂක ලෝරි මැක්ග්ලින්චේ පැවසුවා.

පෙගාසස් මෘදුකාංගය “විදේශීය ආණ්ඩුවලට ජාත්‍යන්තරව මර්දන කටයුතු කරන්න හැකියාව ලබා දී තිබෙනවා. එහෙම කරන එක විරුද්ධවාදීන්, මාධ්‍යවේදීන් සහ ක්‍රියාකාරීන් ඉලක්ක කරන ඒකාධිපති ආණ්ඩුවල ක්‍රමයක්” නොවැම්බරයේදී, එක්සත් ජනපද නිලධාරීන් NSO සමූහය වෙළඳ අසාදු ලේඛනයකට ඇතුළත් කරමින් දක්වා තිබේ.

පෙගසස් මෘදුකාංගය පෙගසස් පතුරුවා හැරීම සඳහා වට්ස්ඇප් භාවිතා කළ බවට චෝදනා කරමින් වට්ස්ඇප් විසින් ද NSO සමූහයට නඩු පවරා තිබේ.

(බීබීසි)