hit counter

2024 ඔක්‍තෝබර් මස 16 වන බදාදා

2023 ජූලි 02, ප.ව. 12:24



ට්විටර් සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ට දිනකට පරිශීලනය කළ හැකි පෝස්ට් සංඛ්‍යාව සීමාකර තිබෙනවා.

ට්විටර් ගිණුම් හිමියන්ට පනවා ඇති මෙම සීමාවන් තාවකාලික බව ඉලෝන් මස්ක් නිවේදනය කරනවා.

ඒ අනුව තහවුරු කළ ගිණුමක් සහිත පුද්ගලයෙකුට දිනකට පෝස්ට් දසදහසක සංඛ්‍යාවක් පරිශීලනය කළ හැකි වෙනවා.

එමෙන්ම තහවුරු නොකළ ගිණුමක් සහිත පුද්ගලයෙකුට දිනකට පරිශීලනය කළ හැකි වන්නේ පෝස්ට් දහසක සංඛ්‍යාවක් පමණයි.

නව සීමාවන් පැනවීම සම්බන්ධයෙන් නිවේදනය කර පැය කිහිපයකට පසුව මෙය ක්‍රියාත්මකවීම විශේෂත්වයක්.

පෞද්ගලික දත්තයන් අනිසිභාවිතය හා පද්ධති බිඳවැටීම මගහරවා ගැනීම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගත් බව ඉලෝන් මස්ක් පවසනවා.

Example Image