hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2022 මාර්තු 23, පෙ.ව. 1:50



මහින්ද්‍රා අයිඩියල් ලංකා ආයතනය සිය මතුගම වැලිපැන්න පිහිටි වාහන එකලස් කිරීමේ අංගණයේදී 30%ක දේශීය අගය එකතු කිරීමක් සහිතවල පළමුවරට දේශීයව එකලස් කරන ලද Bolero City Pik Up රථය ඊයේ(26) වෙළඳපොළට හඳුන්වා දුන්නා. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව සිටියේ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතායි.

එහිදී දහස් දැක්වූ වීරවංශ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළා.

සම්මත මෙහෙයුම් පටිපාටිය මගින් අපි සිදු කළේ මෙරට වාහන නිෂ්පාදන කර්මාන්තයට අදාළ නීතිරීති නිසි පරිදි සකසා දීමයි. එහෙම නැතිව එක් අයෙකුට එක විදිහක් තවත් අයෙකුට තවත් විදිහක් ලෙස නොවෙයි. එසේ නීතිරීති සකසා දුන්නාම මෙම කර්මාන්තයට පිවිසෙන ඕනෑම අයෙකු දන්නවා, තමන් දේශීය වශයෙන් අගය එකතු කරන ප්‍රමාණයට, බදු සහන කුමන මට්ටම්වලින්, කුමන ආකාරයට ද ලැබෙන්නේ, කියා. සම්මත මෙහෙයුම් පටිපාටිය හඳුන්වා දුන්නාට පසුව අපේ හිතවත් නලින් වෙල්ගම මැතිතුමාගේ මහින්ද්‍රා අයිඩියල් ලංකා ආයතනය වගේම වෙනත් වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ නියැලී සිටි ආයතන කලින්ට වඩා ඉහළ දේශීය වශයෙන් අගය එකතු කිරීමකට ගමන් කරන්න පටන් ගත්තා. ඒ සමගම අපේ රටේ වාහන උපාංග නිෂ්පාදන කර්මාන්තය ඇතුළු කර්මාන්තවල නියැලී සිටි පිරිසට මෙම කටයුත්තට දායක වීමට අවස්ථාව ලැබුණා. අද මේ එළිදක්වනු ලබන Bolero City Pik Up  රථය ගත්තත් සියයට 30ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක දේශීය අගය එකතු කිරීමක් සිදු කර තිබෙනවා. එමගින් දේශීය වශයෙන් වාහන උපාංග නිපදවන පිරිසට ඔවුන්ගේ ආදායම් වැඩි කර ගැනීමේ හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම අපේ තරුණ දරුවන්ට ඔවුන්ගේ තාක්ෂණික දැනුම මෙම වාහන එකලස් කිරීමේ කර්මාන්තයට එකතු කිරීමට ද හැකිවී තිබෙනවා. ඒ ආකාරයට විශාල පිරිසකට මෙමගින් ප්‍රතිලාභ රැසක් ලැබෙන තත්ත්වයක් උදාවී තිබෙනවා.ඒ නිසා ශ්‍රී ලංකාවේ අපට වාහන නිපදවීමේ කර්මාන්තය කළ නොහැක්කක් නොවෙයි. අපි ක්‍රමානුකූලව ගමන් කරමින් සිටින්නේ ඒ දෙසට. මම හිතනවා මේ ආයතනයට ලබන අවුරුද්ද වනවිට මීටත් වඩා දේශීය අගය එකතු කිරීමක් සිදු කරන්න පුළුවන්කම තිබෙනවා, කියා. එමගින් දේශීය වශයෙන් නිපදවනු ලැබූ ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය සහිත වාහන අපේ මහ පාරේ ගමන් කරන අනාගතයක් කරා ගමන් කිරීමට අපට පුළුවන් වේවි, කියන විශ්වාසය අපට තිබෙනවා. සම්මත මෙහෙයුම් පටිපාටියෙහි පවතින සුළු සුළු අඩුපාඩු නිවැරදි කරලා, විශේෂයෙන් අන්තර්ජාතික මට්ටමේ ආයෝජකයන්ට මේ ක්ෂේත්‍රයේ  ආයෝජනයන් කිරීමට අවශ්‍ය වාතාවරණය, පහසුකම් තව තවත් දිරි ගැන්වෙන ආකාරයට සකස් කර දෙන්නත් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා.”